ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 18 වන වරට සංවිධාන කළ සභාපති කුසලාන විවෘත ශ්‍රේණිගත කැරම් තරගාවලිය කැරම් සංගම් මුලස්ථානයේදී පැවැත්වුනා.
කාන්තා, පිරිමි කේවල සහ යුගල වශයෙන් පැවති තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් 350 දෙනෙකු එක්ව සිටියා. පිරිමි ඒකල තරග අංශය ජයග්‍රහණය කළේ කොළඹ රාජකිය විද්‍යාලය නියෝජනය කළ ශයිඩ් හිල්මි. ඒ ලකුණු 25ට 02ක් සහ 25ට 12ක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු පරාජයට පත් කරමින්. ලකුනු 25ට 24ක් / 11ට 25ක් සහ 25ට 12ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ චලනි ලියනගේ පරාජයට පත් කිරිමට නාවික හමුදාව නියෝජනය කළ ජෝෂප් රෝෂිටා සමත් වුනා.