මූන්දලම අනතුරෙන් 20 කට තුවාල
Related Articles
පුත්තලම හලාවත ප්රධාන මාර්ගයේ මුන්දලම සෙම්බැට්ට ප්රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තලවිල දේවස්ථානයට පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථය ගම්පහ දක්වා ගමන් කරමින් තිබියදී යතුරු පැදියක හා ත්රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතරු සිදුව තිබෙනවා. අනතුරට ලක්වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.තුවාලකරුවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අසාද්ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.