fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් අද සිට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 09:16

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් අද සිට ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු අද සිට ආරම්භ වනවා. ලබන පළමුවෙනිදා දක්වා දෙවන අදියරේ ඇගයීම් සිදුකරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ඇගයීම් කටයුතු සිදුකෙරෙන කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මාතර මහානාම විද්‍යාලය සහ කුරුණෑගල ලක්දාස් ද මැල් මහා විද්‍යාලය සම්පූර්ණයෙන්ම වසාතැබෙනවා. තවත් පාසල් 23 ක් ඇගයීම් කටයුතු වෙනුවෙන් අර්ධ වශයෙන් වසාතැබීමට නියමිතයි.

මේ අතර පළමු අදියරේ ඇගයීම් කටයුතු වෙනුවෙනු වසා තැබුණු පාසල් 13 ක් තුන්වන වාරය වෙනුවෙන් හෙට සිට විවෘත කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්