වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
අවසන් මහා තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේදි පැවැත්වුනේ ඉන්දිය සහ බංගලිදේශ කන්ඩායම් අතර.
කාසියේ වාසිය දිනු ඉන්දිය කණ්ඩායම පලමු පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 32 කදී සියලුදෙනා දැවී ඔවුන් ලකුණු 106 ක් ලබාගත්තා. ලකුණු 107 ක ඉලක්කය හඹාගිය බංගලිදේශ කන්ඩායමට පන්දුවාර 33 කදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 101 ක් පමණි. ඒ අනුව අවසන් මහා තරගය ලකුණු පහකින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
අටවන වරට පැවති වයස අවුරුදු 19 න් පහල ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට ඒ සහ බී ඛාණ්ඩ යටතේ කණ්ඩායම් අටක් සහභාගී වුණා. පසුගිය වසරේ පැවති තරගාවලියේ ශුරතාව ද දිනාගත්තේ ඉන්දීය කණ්ඩායමයි. එහි අනුශූරතාව ශ්‍රි ලංකා පිලට හිමිවුණා.