උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් හෙට (15) ආරම්භ වනවා. එම කටයුතු ලබන මස පලමුවනදා අවසන් වීමටයි නියමිත.
ඒ අනුව ඇගයීම් කටයුතු සිදුකෙරෙන පාසල් හතරක් හෙට (15) සිට සම්පුර්ණයෙන්ම වසා තැබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
කොළඹ ආනන්ද විද්‍යාලය , මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය , මාතර මහානාම විද්‍යාලය සහ කුරුණැගල ලක්දාස් ද මැල් මහා විද්‍යාලය ඊට ඇතුලත්. එම කාලසීමාව තුළ තවත් පාසල් 23 ක් අර්ධ වශයෙන් වසා තැබීමටයි නියමිත. උසස් පෙළ විභාගයේ පලමු අදියරේ ඇගයීම් හේතුවෙන් පාසල් 13 ක් මුළුමනින්ම වසා තැබුණා. එම පාසල් තුන්වන වාරය සදහා අනිද්දා (16) විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.
උසස් පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයිීම අදියර තුනක් යටතේ සිදුකිරිමටයි නියමිත.