fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 16:47

ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් නිට්ටඹුව හොරගොල්ල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මුදල් තැන්පත් කර තිබූ කාමරයේ දොරකඩා ඊට ඇතුලුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. රුපියල් හාරලක්ෂ පනස් දහසක මුදලක් ඔවුන් සොරාගෙන තිබුණා.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද සමගින්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 16:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්