fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි බැංකු ගිණුම් හිමියන්ට මාස 6ක් ඇතුළත ATM කාඩ්පතක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 12:18

සමෘද්ධි බැංකු ගිණුම් හිමියන්ට මාස 6ක් ඇතුළත ATM කාඩ්පතක්

සමෘද්ධි බැංකු ගිණුම් හිමියන් සදහා මාස 6ක් ඇතුළත ඒටීඑම් කාඩ්පතක් හදුන්වා දෙන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු 1073ක් සදහා බැංකු පරිගණක සහකාර ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ යටතේ පත්වීම් 400ක් ප්‍රදානය කෙරුණා. හදුන්වාදෙනු ලබන ඒටීඑම් කාඩ්පත හරහා ලෝකයේ ඕනෑම තැනකින් මුදල් ලබා ගැනීමේ අවස්ථාව ගිණුම් හිමියන්ට උදාවනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් බණ්ඩාර,  රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්