fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

 රියඅනතුරු දෙකකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 10:16

 රියඅනතුරු දෙකකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රියඅනතුරු දෙකකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. පොතුවිල් සියඹලාණ්ඩුව මාර්ගයේ සිදුවූ රියඅනතුරෙන් මියගොස් ඇත්තේ බදුල්ල ප‍්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණයෙක්. අධික වේගයෙන් ධාවනයවූ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන කොන්කී‍්‍රට් කණුවක ගැටීමෙන් අනතුර සිදුවුණා. ඉන් තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

කඩවත කිරිමැටියාගාර ප‍්‍රදේශයේ සිදුවූ රියඅනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා. ඉන් එක් අයෙක් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඔහු කඩවත කෝපියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්. යතුරුපැදිය පාලනය කරගත නොහැකිව දුරකථන කණුවක ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්