තවත් සමෘද්ධි නිලධාරීන් පන්දහසක් බඳවා ගැනීම සිදුකෙරෙනවා. පත්වීම් ලිපි ප්රදානය හෙට (15) සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී.
පෙරවරු 11 ට උත්සවය ආරම්භ වන බවයි සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. රටේත් ආර්ථිකයේත් ප්‍රධාන අංශය බවට සමෘද්ධි බැංකුව පත්කරන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සේවා රැසක් කි‍්‍රයාත්මක කළ බවයි ඔහු පෙන්වාදෙන්නේ.
2025 වනවිට ව්‍යාපෘති පනස් දහසක් කි‍්‍රයාත්මක කිරීමයි සැලසුම. ඉන් අපනයන ආදායම දෙගුණයක් කළ හැකි බව ද අමාත්‍යවරයා පවසනවා.