fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළඟම පාසල හොඳම පාසල ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 09:19

ළඟම පාසල හොඳම පාසල ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අක‍්‍රමිකතා, මූල්‍ය අවභාවිතයන්, නිසි ප‍්‍රමිතියට ඉදිකිරිම් නොකිරීම ඇතුලු කරුණු ප‍්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට පැමිණිලි කළ හැකියි. ඇතැම් පුද්ගලයන් විවිධ දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව යමින් සැබෑ සංවර්ධන ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීම අවහිර කරන බවයි රජය පෙන්වාදෙන්නේ. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටපුරා ගොඩනැගීමේ අරමුණින් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි.

පාසල් 9064 ක කි‍්‍රයාත්මක කරන වැඩ ව්‍යාපෘති සංඛ්‍යාව දහ අට දහසක්. ඒ සඳහා රුපියල් මිලියන හැට පන්දහසක මුදලක් ආයෝජනය කරන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්