ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වෙනවා. එම ඡන්ද විමසීමේදී රාජකාරිවල නිරත වන රාජ්‍ය නිලධාරීන්, අත්‍යවශ්‍ය සේවාවල නිලධාරීන් හා සේවකයින්ට මෙසේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවනවා.
එමෙන්ම අදාළ රාජකාරිවල නිරත වන පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට ද තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැකියි. නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගත් අධිකරණ ක්‍රියාමාර්ගත් සමග ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම නියමිත දිනයේදී පැවැත්වීමට නොහැකි වුණා.
එම අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.