fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආරක්ෂාවෙන් පසු අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩිම මුදලක් වැය කළේ වත්මන් රජයයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 13:13

ජාතික ආරක්ෂාවෙන් පසු අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩිම මුදලක් වැය කළේ වත්මන් රජයයි

ජාතික ආරක්ෂාවෙන් පසු අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩිම මුදලක් වැය කළ රජය වත්මන් රජය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ  අලුත්ගම දර්ගා නගරයේ ඉදිකළ අල් අම්රා විද්‍යාලයේ විදුහල්පති නිල නිවස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ළගම පාසල හොදම පාසල වැඩසටහනට සමගාමීව ඉදිකළ මෙම දෙමහල්  විදුහල්පති නිල නිවස සදහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 80ක්. දුරබැහැර ප්‍රදේශවල සිට සේවයට පැමිණෙන විදුහල්පතිවරුන් සදහායි  මෙය ඉදිකර තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන සංවිධායක ඉෆ්තිකාර් ජමීල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්