fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් වැඩිකරමින් ඔවුන් වෙත සැබෑ සේවාවක් ඉටු කළේ වත්මන් ආණ්ඩුවයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 12:41

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් වැඩිකරමින් ඔවුන් වෙත සැබෑ සේවාවක් ඉටු කළේ වත්මන් ආණ්ඩුවයි

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් වැඩිකරමින් ඔවුන් වෙත සැබෑ සේවාවක් ඉටු කළේ වත්මන් ආණ්ඩුව බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

රත්නපුර, නිවිතිගල ඇන්දාන මහ විද්‍යාලයේ අලුතින් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.

ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් වැය කරමින් එම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.

පාසල් සංවර්ධනය අනිවාර්ය කිරීම මෙන්ම අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනය ද අනිවාර්ය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙහිදී කියා සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්