මීරිගම, බාදුරාගොඩ ප්රදේශයේ මත්පැන් විෂවීමේ සිද්ධියට සම්බන්ධව නැවතත් සාක්ෂි විමසීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
නීතිවිරෝධී මත්පැන් පානය කිරීම නිසා මීරිගම බාදුරාගොඩ ප්රදේශයේ පුද්ගලයින් 14 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා. තවත් 25 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලැබුවා.
විපතට පත් පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් යොමු කිරීමෙන් පසු මෙලෙස නැවතත් සාක්ෂි විමසීම සිදු කෙරුණා. ඒ අනුව සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කර ගත් බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ.