fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 11:01

පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි

දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයින වටා වන වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (5055) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     දිනය :   2019-09-13
නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)කාලගුණය
උපරිමඅවමඋපරිමඅවම
අනුරාධපුරය34259055සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව33259065සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ30249080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය33288565වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මහනුවර30219570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය22149570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය30239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය35239055සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම32288565සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්