fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිනර පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් රට පුරා පිංකම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 10:56

බිනර පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් රට පුරා පිංකම්

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් පැවැත්වෙනවා.

කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනක මහා ප්‍රජාපති ගෝතමී දේවිය පැවිදි වීමත් සමඟයි. පසුව යසෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපතී ගෝතමිය වෙත පැමිණ පැවිදි භාවය ලබාගත්තා. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා ලෙස සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් වන්නේ ද බිනර පොහෝ දිනයේයි. බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

අයිටීඑන් සවනක් රැස් පොහෝදින සජීව වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ කඩවත සුනේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේ දීයි. පූජ්‍ය දියතලාවේ පියදස්සී ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය පණ්ඩිත සිවුරලමුල්ලේ විමලරතන ස්වාමීන් වහන්සේ සවනක් රැස් වැඩසටහනේ ධර්ම දේශන පැවැත්වූවා. ධර්ම සාකච්ඡා, භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දවසපුරා එම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර අයිටීඑන් එෆ් එම් ශාසනාලෝක වැඩසටහන ද කඩවත ශ්‍රී සුනේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙනවා. සාමනේර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීම ද මෙහිදී සිදුකෙරුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්