වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ රබර් කර්මාන්තය ඉහළ නැංවීම සදහා වන මහා සැලැස්ම ක්‍රියාවට නැංවීමටයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි ගිවිසුමට අත්සන් තැබුණේ. දිගුකාලීන වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම සැළැස්ම තුළින් ව්‍යාපෘති 10 ක් හඳුන්වාදීමට නියමිතයි. රබර් නිෂ්පාදන සදහා ඉහළ මිලක් සහතික කිරීම,රබර් වගාකරුවන්ගේ අනාගත සුබසාධනය මෙන්ම විශේෂඥ ඥානය රබර් කර්මාන්තය වෙත ගෙන ඒම මෙම සැලැස්ම තුළින් අරමුණු කෙරෙනවා.