fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 18:44

දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවෙයි

සෑම අසීරු අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බියගම හා කැලණිය යන මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් හමුවූ අවස්ථාවේදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අරලියගහ මන්දිරයේ දීයි අද පෙරවරුවේ මෙම හමුව පැවැත්වුණේ. වයස අවුරුදු 70 ක් වන තෙක් ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියා. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයෙකු පත්වූ විට ඔහුට පක්ෂ නායකත්වය හිමිවිය යුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් මේ වනවිට ඉවත්කර පවතිනවා. ඉහත වගන්තිය එම පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත්කර ඇත්තේ 1994 වසරේදීයි. එවකට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දුන් වැදගත් කරුණක් පදනම් කර ගනිමින් මෙම වගන්තිය ඉවත් කළ බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්