අධ්‍යාපනය දියුණු කරන බවට පොරොන්දු දුන් පිරිසට බලයේ සිටි කාලයේ එය කිරීමට නොහැකි වූයේ ඔවුන්ට ඒ සදහා දක්ෂතාවක් නොතිබූ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මන්නාරමේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/h1MLf8RC2Nc”]
මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි මුස්ලිම් මහා විද්‍යාලයේ නව තාක්ෂණ ගොඩනැගිල්ල හා ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. සර්ව ආගමික නායකයින් ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද,විදුහල්පති එන් එම් සාෆි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද සිසු සිසුවියන් මෙන්ම දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.