නැගෙනහිර පළාත ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ආර්ථික මර්මස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා පියවර ගන්නා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මඩකලපුව පෞද්ගලික බස් නැවතුම්පොල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රුපියල් මිලියන 65 ක වියදමින් බස් නැවතුම්පොල ඉදිකර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එන් ශ්‍රී නේසන්,මඩකලපුව දිස්ත්‍රික් ලේකම් මානික්කම් උදයකුමාර් ඇතුළු ජනතා නියෝජිතයින් සහ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rsYEpz_KmfA”]