fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල වාෂ්ප පවතින 18B ග්‍රහලෝකය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 17:35

ජල වාෂ්ප පවතින 18B ග්‍රහලෝකය

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටා ඇති කේ ටූ එයිටීන් බී ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ජල වාෂ්ප පවතින බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. මෙවැනි සොයා ගැනීමක් සිදුකර ඇත්තේ ප්‍රථම වතාවට බවයි එම විද්‍යාඥයින් පිරිස පවසන්නේ.

එම ග්‍රහලෝකයේ උෂ්ණත්වය පෘතුවියට බෙහෙවින් සමාන වන බවයි පැවසෙන්නේ.  පිටසක්වල ජීවින් පිළිබදව අධ්‍යයනය කිරීම සදහා මෙම ග්‍රහලෝකය බෙහෙවින් උපකාරී වන බව විද්‍යාඥයින්ගේ අදහසයි. මෙම ග්‍රහලෝකයේ වායුගෝලයේ අඩංගු වායූ  පිළිබදව නව අභ්‍යවකාශ දුරේක්ෂයක් භාවිත කරමින් ඉදිරි වසර 10 තුළ තවදුරටත් අධ්‍යයනය සිදුකරන බවයි නව ග්‍රහලෝකය සොයාගත් විද්‍යාඥයින් පවසන්නේ. කේ ටූ එයිටීන් බී ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 111 ක් දුරින් පිහිටා තිබෙන අතර පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙම කේ ටූ එයිටීන් බී ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් අට ගුණයක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්