fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදු සසුන ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යන ගමනක් නිර්මාණය කරනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 18:51

බුදු සසුන ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යන ගමනක් නිර්මාණය කරනවා

දසරාජ ධර්මය කේන්ද්‍රකරගත් රාජ්‍ය පාලනයක් තුළ බුදු සසුන ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යන ගමනක් නිර්මාණය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අස්ගිරි මහා විහාරයේ ඉදිකළ බටහිර ප්‍රවිශ්ඨ වාහල්කඩ විවෘත කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 56ක්. මල්වතු මහා විහාර පාර්ශ්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිරිනැමූ සාසනදීපන අභිමානි ශ්‍රී ලංකා ජන රංජන ගෞරව නාමය අස්ගිරි මහා විහාර පාර්ශ්වය ද ඒ අයුරින් පිළිගැනීම වෙනුවෙන් අමාත්‍යවරයාට සමරු තිළිණයක් මෙහිදී පිරිනැමුණා. එම පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් අමාත්‍යවරයා වෙත එය පිරිනැමුවා.

මෙම උත්සවයෙන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 18:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්