ඇපල් මාදිලියේ අගල් 15 මැක්බුක් ප්රෝ උපාංගය ගුවන් ගමන්වලදී රැගෙන යාමට අවසර නොදෙන බව ශ්රී ලංකා ගුවන් සමාගම නිවේදනය කරනවා.
මෙම උපාංගයේ ඇති බැටරිය අධික ලෙස රත්වී ගිනිගැනීමේ අවධානමක් පවතින බවට අදාළ සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණයට එළඹි බවයි ශ්රී ලංකා ගුවන් සමාගම සදහන් කරන්නේ. ගුවන් තොටුපල පරීක්ෂා කිරීමේ කටයුතුවලදී මෙම උපාංගය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේ දී බැටරිය යළි ප්රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවන බවද ශ්රී ලංකන් ගුවන් සමාගම ප්රකාශ කරනවා.