fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් විමසිල්ලෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 16:50

පාකිස්ථානයේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් විමසිල්ලෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිලිබද පරික්ෂණයක් කරන ලෙස ක්‍රිකට් ආයතනය  රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පාකිස්ථාන සංචාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ අනතුරු ඇගවීමක් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා තමන්ට ලැබුණු බව ක්‍රිකට් ආයතන නිකුත් කළ නිවේදනයක සදහන් වනවා. පාකිස්තාන සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බව එම නිවේදනයේ  සදහන්ව ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ. ඒ අනුව සංචාරයට පෙර ආරක්ෂක තත්ත්වය පිලිබද සළකා බලන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානු සංචාරය ලබන 27 වනදා සිට ඔක්තෝබර් 09 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන තරග සංචාරයට එක්වීම වැළැක්වීමට ඉන්දියාව බලපෑම් එල්ල කළ බව පළවන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහනක් කර තිබෙනවා. 2009 වසාරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කරගනිමින්   ඇතැම් ක්‍රීඩකයින් මෙම සංචාරයට එක්නොවන බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 16:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්