fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොබට් මුගාබේගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සතියේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 15:43

රොබට් මුගාබේගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සතියේ

අභාවප්‍රාප්ත වූ සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සතියේ සිදුකරන බව එරට වාර්තා සදහන් කරනවා.

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ දේහය සිම්බාබ්වේ වෙත අද (12) රැගෙන ආවා. දේහය පිළිබද අවසන් කටයුතු හරාරේ අගනුවර පිහිටි විමුක්ති වීරයන් සදහා වූ ස්මාරකයේ තැන්පත් කෙරෙන බවයි පවුලේ ඥාතීන් සදහන් කරන්නේ. දේහය පිළිබද අවසන් කටයුතු සම්බන්ධයෙන් රජයේ සහ පවුලේ පිරිස අතර මතභේද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් පවුලේ ඥාතීන් සදහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ නිවස පිහිටා තිබූ කුටාමා ප්‍රදේශයේ දී අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකෙරෙන බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්