fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ කොමිසම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න සැරසෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 15:20

මැතිවරණ කොමිසම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න සැරසෙයි

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්නැයි ජාතික මැතිවරණ කොමිසම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැනුම් දුන්නා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අතර පැවති හමුවකදීයි මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් ව්‍යාජ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් දහස් ගණනක් නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරනවා. විවිධ පුද්ගලයින්ට .අපහාස වන ආකාරයේ සටහන් මෙන්ම වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත නිකුත්වීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් කුරුවිටගේ මහතා ප්‍රකාශ කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්