fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළගම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් දැනුම් දෙන්න

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 14:17

ළගම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් දැනුම් දෙන්න

ළගම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ළගම පාසල හොදම පාසල වැඩසටහනේ ඉදිකිරිම් ක්‍රියාවලිය තුළ අක්‍රමිකතාවක්, මූල්‍ය අවභාවිතයක් හෝ වංචාවක් සිදුව ඇත්නම් එම වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 0112 78 67 68 දුරකතන අංකයට හෝ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරු, ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘති කාර්යාලය, හත්වන මහල, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට පැමිණිලි යොමු කළ හැකියි. දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් ක්‍රියාත්මක වන ඇතැම් පුද්ගලයන්ට මෙම ව්‍යාපෘතියේ සැබෑ ප්‍රතිලාභ පිළිබඳ හඳුනාගත නොහැකි වී ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්