fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියලුනු ගම් බිම්වලට තද වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 13:07

වියලුනු ගම් බිම්වලට තද වැසි

බස්නාහිර,සබරගමුව,වයඹ පළාත්වලට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන අවස්ථාවලදී සුළං සහ අකුණු අනතුරුද ඇති වන බැවින් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මාස කිහිපයක් පැවති වියළි කාලගුණික තත්ත්වය නිමාකරමින් වව්නියාවට අද දහවල් කාලයේ දී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. පැවති වියළි කාලගුණ තත්ත්වය සමග වව්නියාවේ බොහෝ ප්‍රදේශවල බීමට පවා ජලය නොමැති තත්ත්වයක් පැවති බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ද අද වැසි ලැබුණු බව වාර්තා වනවා. මාස 8 ක පමණ කාලයක් පැවති නියගය අවසන් කරමිනුයි වැසි ලැබුණේ. මහ කන්නයේ වගා කටයුතු සදහා මෙම වර්ෂාව ඉතා වැදගත් බව ත්‍රිකුණාමලය ගොවිජන සේවා සහකාර කොමසාරිස් එස් පුෂ්පකුමාර මහතා කියාසිටියා.

ගාල්ල දිස්ත්‍රික්කයට ද ඊයේ සිට තද වැසි ඇතිවෙමින් තිබෙන බව වාර්තා වනවා. පැවති අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල බද්දේගම මාර්ගයේ දංගෙදර ප්‍රදේශය ජලයෙන් යටවුණා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ. ගොංගල කන්ද ප්‍රදේශයේ ගිංගග මිටියාවතට ද මිලිමීටර් 125 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්