fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:50

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

මෙරට දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයී.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටොගෝ ජනාධිපති  පියොරේ ඇසොසිනා ඉග්නාසිම්බි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවා. අනතුරුව ජනාධිපතිවරුන් දෙපල අතර පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍යය අතර වෙළෙද සහ ආයෝජන සබදතා පුළුල් කර ගැනීම පිළිබද අවධානය යොමු කර තිබෙනවා. ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග හමුවකට අද දිනයේ ටෝගෝ ජනාධිපතිවරයා එක්වන බවද එහිදී එරට ආයෝජන අවස්ථා පිළිබදව ඔවුන් දැනුවත් කරන බවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 21 වනදා සිදුවීම සහ එම ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ එක්ව ගත් ක්‍රියාමාර්ග පිළිබදවද එහිදී ටෝගෝ ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් ටෝගෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන සෙනසුරාදා සිය රටේ ආරම්භ වන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද සම්මේලනයේදී ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ප්‍රගතිය පිළිබද විස්තර කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා.

*

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්