කේරළ ගංජා ළඟ තබාගත් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්රකාශ කළා.
ඒ මන්නාරම එළුත්තූර් ප්රදේශයේ සිදුකළ වැටලීමකදී. උතුරු මැද නාවික විදානයේ සෙබළුන් පිරිසක් වැටලීමට එක්වුණා. සැකකරුවන් සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන සඳහා මන්නාරම පොලිසියට භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.