ඩෝරියාන් සුළිකුණාටුව හේතුවෙන් බහමාස් දූපතට දැඩි බලපෑම් එල්ල වුණා. පුද්ගලයින් 2500 කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්ථා වන්නේ.
ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් විශාල පිරිසක් තවමත් අවතැන්ව සිටිනවා. තවත් 60 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා සඳහන් කරන්නේ බහමාස් දිවයිනේ හත්දහසකට ආසන්න පිරිසක් ආහාර හිඟයකට මුහුණදී ඇති බවයි.