ශ්රී ලංකාව සමග පැවති තරගයෙන් උතුරු කොරියාව ගෝල එකට බින්දුවක් ලෙස ජය ගනී
Related Articles
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා වූ ආසියානු කාණ්ඩයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග මේ දිනවල පැවැත්වෙනවා. ඒ යටතේ පැවති ශ්රී ලංකාව සහ උතුරු කොරියාව අතර තරගය ගෝල එකට බින්දුවක් ලෙස ජය ගැනීමට උතුරු කොරියාව සමත්වුණා. තරගය පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි.
තරගයේ පළමු අර්ධයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකම දැඩි ආක්රමණශීලී ක්රීඩා රටාවක නිරත වුණා. පළමු අර්දය තුළදී උතුරු කොරියානුවන් විසින් එල්ල කළ ගෝල් ප්රහාර කිහිපයක්ම ව්යර්ථකර දැමීමට ශ්රී ලංකා දැල් රකින්නා සමත්වීම විශේෂත්වයක්. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල බින්දුවට බින්දුවක් ලෙස ලකුණු සටහන සම තත්ත්වයේ පසුවෙමින්. නමුත් තරගයේ දෙවන අර්ධයේ 67 වන විනාඩියේ දී උතුරු කොරියා ක්රීඩක කුක් චෝල් ජෑන් වාර්තා කළ ගෝලයත් සමග ගෝල එකට බින්දුවක් ලෙස ඉදිරියට පැමිණීමට උතුරු කොරියානුවන් සමත් වුණා. ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල එකට බින්දුවක් ලෙස උතුරු කොරියාවට ජය හිමිකර දෙමින්. තරගාවලියේ ශ්රී ලංකාව සහභාගිවන මීළග තරගය දකුණු කොරියාව සමග පැවැත්වීමට නිමිතයි.