ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගීතාව වර්ධනය කර ගැනීම සදහා ටොගෝ ජනරජයේ ජනාධිපති ෆොරේ එසොෂිම්නා මහතා දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි ටොගෝ ජනරජයේ ජනාධිපතිවරයා පිලිගනු ලැබුවේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. දින දෙකක් මෙරට රැදී සිටින ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙරට කර්මාන්තශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවකටද ටොගෝ ජනරජයේ ජනාධිපතිවරයා එක්වනු ඇති. ටොගෝ ජනරජයේ 06 වෙනි ජනාධිපතිවරයා වන ෆොරේ එසොෂිම්නා මහතා ජනාධිපති ධුරයට පත් වූයේ 2005 වසරේදීයී.