fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණයෙන් ප්‍රතික්ෂේප වූ ගෝඨාගේ ඉල්ලීම

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 17:54

අධිකරණයෙන් ප්‍රතික්ෂේප වූ ගෝඨාගේ ඉල්ලීම

ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා ඒ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ප්‍රතික්ෂේප කෙරුණා.

මැද මුලන ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන තිස්තුනකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.  නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පිළිබද සළකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් එය ප්‍රතික්ෂේප කෙරුණා. සිසිර ද ආබෘෘ, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන,විජිත් මළල්ගොඩ සහ එල් ටී බී දෙහිදෙණිය යන මහත්වරුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට අයත් වුණා. එහි සභාපති විනිසුරු සිසිර ද ආබෘෘ මහතා මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය මත විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළා. පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නැති බවද ඔහු පැවසුවා. දීර්ඝ කරුණු සළකා බැලීමකින් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම තීන්දුව ලබා දුන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්