fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාස්කෝ සම්මාන උළෙල කොළඹදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 17:49

මාස්කෝ සම්මාන උළෙල කොළඹදී

ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය 15වන වරටත් සංවිධාන කළ මාස්කෝ සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණා.

ආගමික, සංස්කෘතික,ව්‍යවසායක,කලා,මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ප්‍රවීනයින්ට හා එම ක්ෂේත්‍රවල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයින් ඇගයීම අරමුණු කරගනිමින් සම්මාන පිරිනැමීම සිදු වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ශානුක කරුණාරත්න හා වැඩසටහන් අංශයේ නිෂ්පාදිකා චන්දිමා ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් මාධ්‍යශූරී විශිෂ්ඨ සම්මානයෙන් පිදුමු ලැබුවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්