fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දන ප්‍රසාද් ලබන 25 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:12

චන්දන ප්‍රසාද් ලබන 25 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු ලබන 25 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. නඩුව විභාගයට ගැනුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද අධිකරණය මෙහිදී නියෝග කළා. එමෙන්ම සිද්ධියට අදාළව පුද්ගලයන් පැහැර ගැනීමට යොදාගත් බව කියන වෑන් රථය වලස්මුල්ල ප්‍රදේශයේ ආයතනයකින් කුළී පදනම මත නාවික හමුදාවට ලබාගත් එකක් බවත් අධිකරණයේදී හෙළි වුණා. එමෙන්ම නාවික හමුදාවේදී එය අයිතිව පැවතියේ එවකට නාවික හමුදා නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයෙකු වන මෙම සිද්ධියට අදාළව ඇප ලබා සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක මහතා සතුවයි. එමෙන්ම අදාළ වෑන් රථය භාවිත කර ඇත්තේ චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි මහතා බව ද අධිකරණයේදී ප්‍රකාශ කෙරුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්