fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයක් රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 17:11

තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයක් රක්ෂිත බන්ධනාගාරයට

පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු එය ISIS ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැදවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි තවුහිද් ජමාද් සාමාජිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහු ලබන 18 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ. සැකකරු විවිධ සන්නිවේදන ක්‍රම මගින් වෙනත් අයට සවන්දිය නොහැකි ලෙස ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කටයුතු කර ඇති බව හෙළි වී තිබෙනවා. එදින සිදු කළ ප්‍රහාරවලින් මිය ගිය බෝම්බකරුවන් සමග මොහුද විවිධ කටයුතුවලට සම්බන්ධව සිටි බව විමර්ශනවලදී තහවුරු කර ගැනුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්