fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිමිවරුන්ට පහර දුන් උටියා රක්‍ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 14:30

හිමිවරුන්ට පහර දුන් උටියා රක්‍ෂිත බන්ධනාගාරයට

සාමනේර හිමිවරුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගවට ගත් ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් උටියා යන අය ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පදවිය මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.

කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට අමානුශික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමත් සමග ඒ පිළිබද බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකළ පොලීසිය අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.  මේ අතර පහරදීම සිදුකළ තැනැත්තා බවට දක්වමින් පුද්ගල ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින පුද්ගලයා වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කළේ එම සිද්ධියට තමාගේ සම්බන්ධයක් නැති බවයි. තමන් මේ වනවිට කටාර් රාජ්‍යයේ සේවයේ නිරතවන බවයි ඔහු එයින් කියාසිටියේ.

මේ අතර එම සාමනේර හිමිවරුන්ට පහරදීමේ සිදු වීම හෙලා  දකින බවත් ඊට අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ගාමිණී  ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්