fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවේ දහයෙන් හයක් ට‍්‍රම්ප් යළි පැමිණීම ප‍්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:55

ඇමරිකාවේ දහයෙන් හයක් ට‍්‍රම්ප් යළි පැමිණීම ප‍්‍රතික්ෂේප කරයි

ඇමරිකාවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සී එන් එන් ආයතනය මත විමසුමක් සිදුකළා. ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් දෙවන වතාවටත් ධුරයට ඉදිරිපත්වීම පිළිබඳවයි වැඩි අවධානය යොමු වුණේ.

ඔහු යළි පත්වීම සුදුසු නොවන බවට බහුතර පිරිසක් මත පළකර තිබෙනවා. ඇමරිකන් ජාතිකයන් දස දෙනෙක් අතරින් හය දෙනෙකු එම මතයේ සිටින බවයි සී එන් එන් ආයතනය පවසන්නේ. පසුගිය කාල සීමාවේදී ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකාරකම් අනුමත නොකිරිමයි ඊට හේතුව. ජාත්‍යන්තර වෙළඳාම විදෙස් සම්බන්ධතා හා පාරිසරික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන් අප‍්‍රසාදය පළකර තිබෙනවා. සංක‍්‍රමණිකයන් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්තියට බහුතරයක් කැමැත්ත පළකර ඇති බවයි සී එන් එන් ආයතනය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්