ඉරාකයේ ආගමික උත්සවයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් තිස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඉරාකයේ කෙර්බාලා නගරයේ සිදුවූ මෙම තෙරපීම අශුරා නම් ආගමික උත්සවය අතරතුර සිදුව තිබෙනවා. තවත් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් සිද්ධියෙන් තුවාල ලබා ඇති බව සඳහන්. ආගමික උත්සවයේ අංගයක් වන මාර්ගය දිගේ පල්ලිය වෙත දිවයාමේ අවස්ථාවෙයි මෙම තෙරපීම සිදුව තිබෙන්නේ. හත්වන සියවසේ සිට මෙම ආගමික උත්සවය ෂියා මුස්ලිම්වරුන් ඉටුකරනු ලබනවා. ඉරාකයේ කෙර්බාලා නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවයට දහස් ගණනක ජනතාවක් සහභාගිවී සිටියා.