fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති සහ ඇමති සජිත් අතර සාකච්ඡා තවදුරටත්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:05

අගමැති සහ ඇමති සජිත් අතර සාකච්ඡා තවදුරටත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී තිබෙනවා. වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ.

ඉදිරි මැතිවරණය සඳහා සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමුව තිබෙනවා. එහිදී ජනාධිපති අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සාකච්ඡා නොවුන බවද වාර්තා වනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නියෝජනය කරමින් අමාත්‍යවරුන් තිදෙනෙකු ආරාධනයක් නොමැතිව සහභාගිවීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් ඉතා සුහදව පැවති මෙම සාකච්ඡාවේදී තවදුරටත් තීරණය කර ඇත්තේ එම සන්ධානය පිළිබඳව ඉදිරියටත් සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී එම සාකච්ඡා තවදුරටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්