මවගෙන් දරුවාට එච් අයි වී වෛරසය බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය නුදුරේදීම හිමිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ද සොයිසා කාන්තා රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සිව්මහල් විශේෂ මාතෘ ඒකකයේ ඉදිකිරීම් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විශේෂ මාතෘ ඒකකයේ ඉදිකිරීම් සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 250 ක්. වසර දෙකක කාලයක් තුළ මෙම රෝහලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන 590 ක් වැයකර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cdNDwkyzk0Y&feature=youtu.be&fbclid=IwAR0SNqBzkEy3jnVvhRkh2MT9dMRr9R7Y9Ym3YwX-Jvi_rBhF6LPf93SnOWI”]