කෝච්චියෙන් ගිය අමුත්තා
Related Articles
පුලතිසි නගරාන්තර සීග්රගාමී දුම්රිය අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් ගමන් ආරම්භ කළා. ඒ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොළොන්නරුව දක්වායි.
කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 03ට ගමන් ආරම්භ කරන පුලතිසි නගරාන්තර සීග්රගාමී දුම්රිය පොළොන්නරුවට ලගාවීමට නියමිතව ඇත්තේ රාත්රී 07 යි 45 ටයි. එය සෑම දිනකම අලුයම 03.45 ට පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කර පෙරවරු 09 යි 06ට කොටුව දුම්රිය ස්ථානයට පැමිනීමට නියමිතයි. මෙම දුම්රියේ මංගල ගමනට එක්වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කළා.
නව සීග්රගාමී දුම්රිය කුරුනෑගල,මහව,කැකිරාව,හබරන,හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නැවැත්වීමට නියමිතයි. ශ්රී ලංකා දුම්රිය සේවයට අලුතින් එක්වූ පුලතිසි නගරාන්තර සීග්රගාමී දුම්රිය එස් 13 වර්ගයේ සුඛෝපභෝගී දුම්රියක්. කොළඹ කොටුව සිට පොළොන්නරුව අතර විශේෂ දුම්රිය සේවයක් මෑත දශකයේදී ක්රියාත්මක නොවූ අතර එම අඩුව සපුරාලමින් ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මෙම දුම්රිය සේවය ආරම්භ කෙරුණා. මරදාන ප්රධාන දුම්රිය පාලක මැදිරියද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුනා.