fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා තුන් වන ප‍්‍රදර්ශනයෙන් නව ව්‍යවසායකයන් 2500ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:39

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා තුන් වන ප‍්‍රදර්ශනයෙන් නව ව්‍යවසායකයන් 2500ක්

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රි ලංකා තුන් වන ප‍්‍රදර්ශනයෙන් නව ව්‍යවසායකයන් 2500ක් බිහි වූ බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. එය පැවැත්වුණේ යාපනය මුට්ට‍්‍රවේලි පිටියේදී.

ලක්ෂ 04කට අධික පිරිසක් ඊට සහභාගී වුණා. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරිමයි එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රි ලංකා වැඩසටහනේ අරමුණ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 07 වනදා එය ආරම්භ වුණා. සමාප්ති උත්සවය පැවැත්වුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්. වැඩසටහන හේතුවෙන් උතුරේ ජනතාවට ආර්ථික නිදහස හිමිවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. යාපනයෙන් නව ව්‍යවාසයකයන් දස දහසක් බිහිකිරිම අරමුණ බවත් එරාන් වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළා.

ලක්ෂ 15 දක්වා ස්වයං රැකියා හෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ණය ලබාදීමේදී පහසුකම් සැළසීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ වුණා. සුරැකුම් හෝ ඇපකරුවන් අවශ්‍ය නොවන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. රටපුරා එය ක‍්‍රියාත්මක කිරිමයි සැළැස්ම.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්