ත්‍රස්ත සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගත් මොවුන් ජමාතේ මිල්ලතේ ඊබ්‍රහීම් සංවිධානයට අයත් වූවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. අම්පාර පොලීසිය මඟින් මෙම ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරු මත සිදුකළ විමර්ශන වලට අනුවයි. දින 90 ක රැදවුම් නියෝග මත සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.