fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විධායකය අහෝසි කිරීමට අගමැති දැඩි අදිටනක

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 18:52

විධායකය අහෝසි කිරීමට අගමැති දැඩි අදිටනක

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙන්ම වාර්ගික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබා දෙන බවට වූ පොරොන්දුව නිසැකයෙන්ම ඉටු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරම අපේක්‍ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටින්නේ.

භාෂා පුහුණුකරුවන් දිශාභිමුඛගත කිරීමේ ජාතික වැඩසටහන යටතේ සිංහල,  දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට සුදුසුකම් ඇති අයගේ පුහුණුව සඳහා කැඳවිම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. සුදුසුකම් සපිරූ එක්දහස් දෙසීය දෙනෙකු වෙත කැඳවීමේ ලිපි මෙහිදී ප්‍රදානය කෙරුණා. 2014,  2015 කාලයේ ලබා දුන් පොරොන්දුවලින් බොහොමයක් මේ වන විට ඉටුකර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 18:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්