පැරණි මිලටම තිරිගු පිටි ලබා දීමට පිටි සමාගම් එකඟතාව පළකර තිබෙනවා.
ජීවන වියදම් කමිටුවේදී තිරිගු පිටි සමාගම් මෙම එකඟතාවට පැමිණ ඇති අතර එම සාකච්ඡා පැවැත්වුණේ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. තිරිගු පිටි මිල ඉහළ දැමීමට එම සමාගම් ගත් පියවර සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අදාළ සමාගම් වෙත සති 3 ක කාලයක් ලබාදුන් බවයි ජීවන වියදම් කමිටුව සඳහන් කළේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙර පැවති මිල ගණන්වලට තිරිගු පිටි අලෙවි කිරීම සිදුවනු ඇති.
පසුගිය 6 වනදා සිට තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දැමීමට අදාළ සමාගම් කටයුතු කළා. ඉන් අනතුරුවයි මෙම ගැටලුව විසඳීමට රජය කඩිනම් පියවර ගනු ලැබුවේ.