fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආධාර හා ආයෝජන සමුළු මෙරටදී පවත්වා මුළු දිවයිනම ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කරනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 18:04

ආධාර හා ආයෝජන සමුළු මෙරටදී පවත්වා මුළු දිවයිනම ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කරනවා

ආධාර හා ආයෝජන සමුළු මෙරටදී පවත්වා මුළු දිවයිනම ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ ඉදිකළ උදා ගම්මාන 4 ක් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කණ්ඩාවලෙයි ප්‍රදේශයේ ඉදිකළ නාකපුරම්,  ඔතියනගර් සහ කරච්චි ප්‍රදේශයේ ඉදිකළ සෝලෙයිවනම් හා එල්ලාලන් සෝලෙයි යන උදා ගම්මානයි අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කෙරුණේ. මෙම උදා ගම්මාන නිවාස 51 කින් සමන්විතයි. ගම්මාන ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 370 ක්.

පානීය ජලය,  විදුලිය,  ප්‍රවේශ මාර්ග ඇතුලු සියලු යටිතල පහසුකම්වලින් උදා ගම්මාන සමන්විතයි. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්