fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්කම් හෙළි නොකළ මැතිඇමතිවරුන්ට එරෙහිව පැමිණිලි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 17:28

වත්කම් හෙළි නොකළ මැතිඇමතිවරුන්ට එරෙහිව පැමිණිලි

සිය වත්කම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුයි. එහෙත් පසුගිය 20 වනදා වන විට ද කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකු තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නැති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 17:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්