fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිලංගට ක‍්‍රීඩා ඇමතිගෙන් තහනමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 16:01

තිලංගට ක‍්‍රීඩා ඇමතිගෙන් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන  හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එම ආයතනයේ  තනතුරු  දැරීම තාවකාලිකව වලක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා. ඒ, ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට අනුවයි.

තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරිමේ හැකියාව පවතින්නේද යන්න සම්බන්ධයෙන් පරික්ෂණයකින් තීන්දුවක්  ලැබෙන තුරු මෙම තාවකාලික තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සුමතිපාල මහතාට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ  ජනරාල් ධම්මික මුතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමටද ක්‍රිඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 16:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්